Posted by: හිරු ගේ ඊ වාඩිය / Category:
මම ඇවිල්ලා අපේ පංතියට නැති තරමට හොඳ ඉතා වැදගත් වරිතමත් ශිෂ්‍යයෙක්. මට ඒ දවස්වල පුදුම ගායක් නේ තිබුනේ. කොටින්ම කියනවනං 2005 ඕ ලෙවල් බැජ් එකේ ශිෂ්‍යයෙකුට ලැබුණු ලොකුම ෆනිෂ් එක ලැබුනෙත් මට ම තමයි. මම හිතන්නේ ඒකත් වැදගත් කතාවක්. වරද ඉස්කෝලෙන් හොරෙන් පැන යාම. සිද්දිය මෙහෙමයි. ආ... ඒ සිද්දිය වුනේ තවත් සිද්දියක් නිසා. ඒ සිද්දියත් මරු. ඒක දන්නේ නැතුව අර සිද්දිය අහනවා කියන්නේ මේ බ්ලොග් එක පරිප්පු නැති හෝටලේ වගේ වෙනවා. ඒ නිසා ඉස්සරෝම ඒක අහල ඉමු.
අපේ පන්තියේ ඒ දවස්වල තිබුනේ කොට බිත්ති. ඉන්ටර්වල් වෙලාවට කවුරුහරි ඔය බිත්තියට හේත්තු වෙලා ඉන්නවා දැක්කොත් ඔන්න් එතන ඉඳං ඇරඹෙනවා රහස් මෙහෙයුම. කට්ටියක් කතා වෙලා හොරෙන්ම යනවා ඌ හේත්තු වෙලා ඉන්න තැනට. ගිහිං ඌත් එක්ක පටන් ගන්නවා ලොකු කයියක්. පහුවෙන්නේ ටික වෙලාවයි. මෙහෙයුමට ගිය කට්ටිය අතරින් එකෙක් දෙනවා පොඩි සංඥාවක්. එක ක්ෂණිකයෙන් හෙනයක් ගැහුවා වගේ අර බිත්තියට හේත්තු වෙලා හිටිය එකා කොට බිත්තියට උඩින් පන්තිය ඇතුලේ. ආයේ ඌට කිසි දෙයක් හිතාගන්න වෙලාවක් නෑ. හිතන දෙයක් හිතා ගන්න වෙන්නේ ආපහු නැගිට ගන්න පුළුවන් වුනොත් නැගිටල දූවිලි එහෙම පිහදාන ගමන් තමයි. අනතුරු සිදුනොවෙනවමත් නෙවෙයි. ඒත් ආතල් එක ඊට වැඩිය ලොකුයි නේ අපේ අය්යලාට. ඕකේ නිර්මාණ කාර්‍යය වුනෙත් අපි කීප දෙනෙකුගේ අතින්ම තමයි.
ඒත් වැඩි කල් නොගිහිං මගේ අරක්කු මටම ගහන දවස උදාවුනා. දවසක් මම ඉන්ටර්වල් එකේ බිත්තියට හේත්තු වෙලා මොකද්දෝ විකාරයක් කල්පනා කර කර ඉන්නකොට අපේ කොල්ලෝ කස්ටිය සෙට් වුණා ඕන් මම හිටපු තැනට. මොනවදෝ කිය කියා ටික වෙලාවයි ගියේ. හරේ... කියනවා විතරයි ඇහුනේ. මට මොනවත් හිතාගන්න වෙලාවක් තිබුනේ නෑ. මම බිත්තියෙන් පන්තිය ඇතුලේ. මුනින් අතට ඩෙස් එකක් උඩ පතබෑවිච්චි. මට ඇහුනේ කස්ටිය හිනා වෙනවා විතරයි. මොනවා කරන්නද ඉතිං ගහන්නයැ. වැඩි අනතුරක් නොවුනු නිසා මම නැගිට්ටා. නැගිටලා බලනකොටයි දෙයියෝ සිහි වුනේ. කමිසේ පහලම බොත්තම ඇරෙන්න අනික් බොත්තම් සේරම කැඩිලා. දැන් මක් කරන්නද? ක්ලාස් එකේ සර්ට බොරුවක් කියලා යන්තම් ඉස්කෝලෙන් එලියට ගිහිං ලඟ තිබුණූ ට්‍රේලර් ෂොප් එකකින් බොත්තම් හතරත් අල්ලගෙන තමයි ඕන් යන්තම් පන්තියට ආවේ. එනකොට ඉන්ටර්වල් එකේ කෑලිත් නෑ. ඔන්න ඕ තමයි කතාවේ පළවෙනි කොටස.
ඊලඟට අලි මදිවට හරක් කිව්වලු. අර ට්‍රේලර් ෂොප් එකේ ගෝතයා මගේ කමිසෙට අල්ලලා දීලා තියෙන්නේ ලා කළු පාට බොත්තම් වගයක නේ. මාත් හදිස්සියට දුන්න ගමන් ඇඳන් ආව මිසක් අල්ලපු බොත්තම් මොනවද කියලා බැලුවේ නෑනේ. දැන් මේ කමිසේ අපේ ගරු විදුහල්පතිතුමා නිකමට වත් දැක්කොත් වසලා හමාරයි. බොත්තම් කැඩුණු නිසා හදිස්සියට ඇල්ලුව ඒවා කියන්නයැ. ඇයි හත් දෙයියනේ එකක් දෙකක් නම් කමක් නෑ. බොත්තම් සේරම නේ. ඉතිං හිතන්නේ මම හිතලම කර ගත්තු දෙයක් කියලයි. වෙච්චි සිද්දිය කියන්න ගියොත් වෙන්නේ ඩබල් වාසි බොරු කිව්වා කියලා.
ඉතිං ඔව්වා මෙව්වා ගැන මගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් සහ පරිකල්පන මෙව්වා එකෙන් හිතලා මතලා ඕන් මම තීරනේකට ආවා. මොකද්ද තීරනේ. ෂෝට් ලීව් එකක් දාලා ගෙදර යන්න. හැබැයි ගෙදර යන්න වෙන්නේ හොරෙන්. රිස්ක් එකකුත් නැතුවම නෙවෙයි. ඕනේ මඟුලක් වෙන්න කියලා මම මගේ නයි මල්ලත් අරන් කොල්ලෝ කස්ටියත් දැනුවත් කරලා ඉස්කොලේ පැත්තකින් යන පාරේ තාප්පෙ පැත්තට ගියා. ආ... මාත් එක්ක යන්න තවත් පව්කාරයෙක් සෙට් වුනනේ. අපේ පන්තියෙම පොරක් තමයි. ඉතිං මම ඌවත් කුදලගෙන තාප්පේ ලඟට ගිහිං අත පය දිගෑරලා පැන්නා තාප්පෙන්. හොඳ වෙලාවට ඒ හරියෙන් තාප්පේ ටිකක් මිටියි. මමත් ලේසියෙන් ම පැන්නා. මම පස්සෙන් අරුත් පැන්නා. එතනින් එහාට කියන්න දෙයක් නෑනේ. කාපු බීපු තැන්වල සතා සරුපයා වුනත් ඉන්නේ නෑලු නේ. බඩු එතනින් වාස්ප.
මම එදා නම් හිතුවේ මේ කතාව මෙතනින් ඉවරයි කියලා. අපෝ නෑ හොඳම හරිය වුනේ පහු වෙනිදා... එදා මම මුකුත් නොවුණු විදියටම වෙනදා වගේ පාන්දර අටට විතර ඉස්කොලේ ගියා කියමුකෝ. ගියා තමයි යනකොටම දැනගන්න ලැබුනා මමයි අරුයි ඊයේ පැන්නට පස්සේ වෙලා තියෙන සංතෑසිය. කොහොම කොහොම හරි මම ගෙදර යන්නත් කලිං මම කරපු හපන්කම අපේ පන්ති භාර උත්මානෝගේ කනේ වැටිලා. එතුමා සේරම වැඩ පැත්තක තියලා රෙජිස්ටර් එකත් අරං පන්තියට ඇවිත් කවදාවත් නැතුව හවස් වරුවටත් ඇවිත් පන්තියේ නම් ලකුණු කොරලා මගේයි අරූගෙයි නම ඉස්සරහින් බින්දු දාලා. උදේ වරුවේ එක, හවස බින්දුව. ඒ කරලා නිකං හිටුකෝ... මේ මනුස්සයා ඔෆිස් එකට ගිහිං කියලා මගේ පන්තියේ උදේ හිටිය දෙන්නෙක් හවස් වෙනකොට නෑ කියලා. අපේ ලොකු තැනටත් ඉතිං ඊට වඩා දෙයක් තියේයෑ.
ඔන්න ඉතිං ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ අරූ නෑ. මාව කැඳවනවා ඔපීසියට. මුල ඉඳං අගටයි, අග ඉඳං මුලටයි නඩුව අහන්න පටන් ගත්තා. මමත් මොකාද එකා වගේ ඉවරයක් නැතුව බොරු කියනවා. සාක්කිකාරයොත් ඉඳලා හිටලා කැඳවනවා. ඒවා ගැන නම් බයවෙන්න දෙයක් නෑනේ. අපේ මට විරුද්දව මොකුත් කියන්නේ නෑනේ. ඒ නිසා සාක්කි විමසීම සහ දඬුවම් නියම කිරීම හෙටට කල් දානවා. හැබැයි තාවකාලිකව වැඩ තහනමකුත් දැම්මා. ඊයේ කරපු හපන්කම නිසාම ඊයෙට වඩා කලින් අද මම ගෙදර. පහුවෙනිදා ගුරු දෙගුරු රැස්වීමක් තියෙනවා. හැබැයි අපේ අම්මාට විතරයි.
ඊලඟ දවසේ ලොකු තැනගේ නියෝගය පිට අපේ මව් යානාවත් ඉස්කෝලෙට ගොඩ බැහැපි. එතුමී අපේ ලොකු ඉස්කෝලේ මහත්තයා හොඳට අඳුනනවා. වෙන මුකුත් නිසා නෙවෙයි. නඩු වලටම ඉස්කෝලෙට ගිහිං. ඔන්න දැන් නඩු එහෙම අහලා ජූරිය රැස් වුනා. මටත් දැන් මේ වෙනකොට මල කියන්නේ මල් වත්තයි. ඇයි යකෝ. ඉස්කෝලෙන් ඉස්සෙල්ලාම පැන්න එකා මම වගේ මේ අය දඟලන්නේ. අනික් උන්ට හෙනවත් නෑ. මම හිතන්නේ මගේ චරිතේ හොඳ නිසා වෙන්න ඇති. ටික වෙලාවකින් ජූරිය නැවත සභාගත වුනා. මගෙන් අහනවා “තමුසෙව ඉස්කොලෙන් අස් කරන්න යන්නේ, මොකද කරන්නේ කියලා” ඉතිං අස්කරන්න යනව නං මම මක් කරන්නද මම එහෙමම කිව්වා. ඇයි මටත් හෙන කේන්තියි. කොහොමත් මම ඒ දවස් වල ලොක්කන්ගේ ලොකු ටෝක් වලට නැවෙනවා ටිකක් අඩුයි. දැන් නම් එහෙම නෑ. තමන්ට වාසියක් වෙනවා නම් තුනට හතරට වුනත් නැවෙනවා.
මම එහෙම කිව්වා ගමන් ලොකු මහත්තයට අසූ හාරදාහට තද වුනා. එහෙනම් පලයන්, උඹ ඉන්න එපා මේ පැත්තෙවත්” කිය කියා කෑ ගහනවා. මාව අස්කරනවා කිව්ව ගමන් අපේ පන්තිභාර උන්දැගේ ඉහේ මලක් පිපුනා හේ වුනා. මිනිහා එදා ඉඳන් මා එක්ක තරහා නෙව. මොනවා වුනත් මගේ පැත්තට කතා කරන්න ස්ටාෆ් එකේ ඕනේ තරම් ගුරුවරු හිටිය නිසා මාව අස්කරන්න ලොකු තැනට බැරිවුනා. තද වුන වෙලාවට කෑගැහුවට මොකද ලොකු තැනත් මට ටිකක් මනාපයි. ඒ නිසා වැඩේ ගොඩින් බේර ගන්න කැමතිද කියලා මගෙන් ඇහුවා. මටත් මොකද මම හා කිව්වා. ඒත් අපේ පංති භාර මහත්තයා කියපි මාව ඒ පන්තියට ගන්න බැරිය කියලා. ඉතිං මොකද කරන්නේ. කොච්චර කිව්වත් මිනිහා නෙවෙයි කැමති වෙන්නේ. මේ මගුල ඉවර වෙන්නේ නැති තැන එක සර් කෙනෙක් නැගිටලා කිව්වා “උඹ වරෙන් මගේ පන්තියට, සර් මම මෙයාව ගන්නම් කියලා” ඒ සර් ඇවිත් ඕ ලෙවල් ඒ ක්ලාස් එකේ ක්ල්ස් ටීචර්. අනේ මමත් කැමති වුනා වෙන මොනවා කරන්නද ඉතිං. ඊට පස්සේ දැඩි ලෙස අවවාද අවලාද සේරම කිරීමෙන් පසු අත්හිටවූ ශාරිරිත දඬුවම් සහිතව මාව නිදහස් කලා.
ඔන්න ඔහොමයි ඔය කතාව ඉවර වුනේ. මට සතියක් පන්ති තහනම් කලා. ඊලඟ සතියේ ඉඳං මම අළුත් ත්ලාස් එකක. හැබැයි නම තියෙන්නේ පරණ පන්තියෙමයි. අපේ පන්තිභාර උන්දැට මාර පරිප්පුව. හැමදාම නම් ලකුණූ කරනකොටයි වෙන වෙන දේවල් වලටයි මාව හොයාගෙන පෙට්‍රල් පුච්චගෙන පොර එන්න ඕනේ මම ඉන්න පංතියට මම ඉන්න දිහාවට හරි. පව් අප්පා අහිංසකයා. මට නම් කොහෙත්ම අවුලක් නෑ. මම කොහොමත් එක පන්තියක හිටපු එකෙක් නෙවෙයිනේ. මම වෙනදටත් ඕ ලෙවල් පංති හතරෙම ඉන්නවා වැඩක් පලක් නැති වෙලාවට. ඒ නිසා පන්ති මාරු වුනා කියලා මට ඒක දඬුවමක් වුනේ නෑ. ඒ වෙනකොට විභාගෙට තිබුනෙත් මාස දෙකක් වගේ කාලයක්. ඒ නිසා ඊට සති දෙකකට පස්සේ පංති හතරම එකට දැම්මා සම්මන්ත්‍රණ පටන් ගන්න. එතකොට දඬුවම් තිබුනත් නෑ වගේ තමයි.
ආ ඊට සති දවස් දෙකකට විතර පස්සේ අර මාත් එක්ක පව් ගෙවන්න ආපු අනිකටත් කාලයාගේ ඇවෑමෙන් සතියකද දෙකකද කොහෙද පන්ති තහනමක් ලැබිච්චි. හොඳ වැඩේ අපි වගේ කරුමක්කකාරයෝ එක්ක හොර වැඩ වලට යනවට. ඕක තමයි ඒ අපේ ඕ ලෙවල් බැජ් එකේ කොල්ලෙක් කාපු ලොකුම ෆනිෂ් එක. වැරැද්දක් කරලා පංති තහනම් කරනවා වගේ ෆනිෂ් කෑවට තමන් හිටපු පන්තියත සදහටම තහනම් වුන එකෙක් නෑ මම ඇරෙන්න ඕන්. ඔය කතාවෙ තව අතුරු කතා බොහොමයි. මාව අහු කරල දුන්න එකත් මට පස්සේ අහු වුනානේ. ඌ ප්‍රිෆෙටෙක්. ඒ කතා ඉඩ තියෙන තියෙන විදියට දාන්නම්කෝ හොඳේ.
Read more »