(කතෘ අඥ්ඤාතයි)
මේ කතාව මම අද වෙනකංම කාටවත් කියලා නෑ. වෙන එකක් තියා කතා නායකයා වෙන ඔයාවත් දන්නේ නෑ. ඔයානොදන්නවා වුනාට මම ඔයා නිසා කොච්චර දුක් විඳින්න ඇත්ද?
ඒ කාලේ ඉස්කොලේ ලඟ තිබුන නල ලිදේ වතුර බොන්න ළමයි එක පිට එක පොර කනකොට “කෝ දෙන්න නංගි වතුර බෝතලේ මම පුරෝලා දෙන්නම්” කියලා අනික් හැමෝම අතරින් මට උදව් කරපු ඔයා දිහා මොහොතක් නතර වෙලා බලාගෙන හිටියා මම. ඔයා දැක්කේ නෑ නේද?
ඔයා තමයි අපේ පාසලේ දක්ෂම ශිෂ්‍යයා. ඒනිසාම ශීෂ්‍ය නායකයෙක් වීමේ වාසනාව ඔයාට ලැබුනා. දවසක් උදේ පාසල් බස් එක පරක්කු වෙලා පාසලට එන්න පරක්කු වුණු ළමයි දණගස්සලා තිබ්බා. දණගහගෙන හිටපු මගේ දිහාවට ඇඟිල්ල දික් කරපු ඔයා “ආයේ එහෙම පරක්කු වෙලා එන්න බහැ. දැන් පන්තියට යන්න” කියලා මාව නිදහස් කළා. ඒ මොහොතේ මගේ පුංචි හිතට දැනුනු ආඩම්බරය කියන්න වචන නෑ.
තවත් සිදධියක්, පාසලේ කලා උළෙලේ පිළිගැනීමේ නැටුම කලේ මම. නැටුම ඉවර වෙලා ළමයින්ගේ අතිපොළසන් මැද්දේ මම වේදිකාවෙන් බැහැලා එනකෙට “පුංචියට හිටියට ලස්සනට නැටුවා” කියලා ඔයා කිව්වා. මට හරියට ලැජ්ජා හිතුනා. මම බිම බලාගෙන හිනා වුනා.
කාලය වේගයෙන් ගලාගෙන ගියා. අපිත් හිරිමල් යෞවනයට ළඟා වුණා. ඔයා කල කී සෑම දෙයක්ම මට විශේෂයි කියලා හිතුනා. උසස් පෙළ පන්තිය ආපු ඔයාලා පංතියෙන් සමු ගන්න දවස ඇවිල්ලා. අක්කලා නම් නඳුළු සලමින් ඇඬුවා. ඒත් ඔයාලා ඇස් අග කඳුළු පුරෝගෙන හිනාවෙන්න උත්සහ කළා. යාළුවෝ කා අතරත් සමරු පොත් හුවමාරු වුනා. සම වයසේ නොවුනත් මාත් ළමයින්ගේ අතරින් දුවගෙන ඇවිත් මගේ සමරු පොත ඔයාට දිගු කළා. ඉස්කෝලේ ඇරුනම ලියපු සමරු පොත මගේ සුරතේ තියලා ඔයා නොපෙනී ගියා.
එදා වෙනදාට වඩා ඉක්මනින් කාමරේ ඇඳ මතට ගියේ ඔයා සමරු පොතේ තියපු සටහන බලන්න. රෝස පාට පිටුවක කළුපාට පුංචි අකුරින් “නංගි ඔයා මගේ මැරුණු නංගියා වගේමයි.” කියලා සටහන් කරලා තිබුනා. කම්මුල් දිගේ ගලාගිය කදුළු වල උණුසුම මට දැනුනා. මම ඔයාගෙම නංගි වුනානම් මෙහෙම දුකක් නෑ නේද කියලත් මට හිතුනා. කෙනෙකුගේ හිතක් කියවන්න මොන තරම් අමාරුද කියලා මට දැණුනේ ඒ වෙලාවේ. ඒත් දැන් ඒ අතීතය අවුරුදු ගානක් පරණයි. තාමත් මම ඒ අතීතයට ආදරෙයි. කියවන්න බැරි වුන හිතට ආදරෙයි...
හිතෙන දෙයක් කමෙන්ට් කලාට වරදක් නැතුවා...
March 1, 2010 at 12:42 AM
පුරස්නම දෙකයි. මොකද්ද අර,"අඥ්ඤාතය" කියන හරුපෙ තේරුම? දෙවන ප්‍රශ්ණෙ ,කඩයිම් ප්‍රශ්ණ්යක් -කොහොමද කොලුවා, උඹ එකපාරට "නංගි" වුනේ?
ඉස්කෝලෙන් කට්ටි පැන්නට මොකද, උඹහෙට ලියන (හීනියට ) කලාව පිහිටලා තියනවා.ඔහොම යං, ආයිබෝං.
March 1, 2010 at 2:39 AM
Siribiris ට
පළවෙනි පුරස්නෙට උත්තරේත් අඥ්ඤාතයි
දෙවනි පුරස්නෙට නම් මට පුරස්නයක් නෙවෙයි. තමුන්නැහේ ඩීංගක් පය ඉස්සුවනං පුරස්නේ ඉවරයි. ඔහේට නැට්ට පෑගිලා නෙව. මේ මගේ ඇක්ස්පීරියන්ස් එකක් නෙවෙයි කොල්ලෝ. ඇසුවෙමි දුටුවෙමි
March 1, 2010 at 10:35 AM
අම්මපා,ඇහුවට වඩා හොදයි මයෙ කට බිම උලා ගත්තා නං. අපේ මායියා නං කියන්නෙ ඕක සගිස්කුරුත වචනයක් වෙන්ටැ කියාලයි. මං දන්න සිංගලෙන් හිතාගත්තා, කතෘ අනාතයි කියලා